ඉදිරි උත්සව සමය වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක්

Date:

ඉදිරි උත්සව සමය වෙනුවෙන් නගර හා ආගමික ස්ථාන මුල් කරගෙන විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසයි.

අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ බස්නාහිර පළාතේ පමණක් විශේෂයෙන් අතිරේකව 2,500ක අතිරේක බලඇනියටක් මේ සඳහා යොදවා ඇති බවය.

“උත්සව සමය එළැඹීමත් සමඟම සෑම පොලිස් ස්ථානයකම පොලිස්පතිතුමා විසින් විශේෂ පණිවුඩයක් ලබා දුන්නා. නගරවල ආරක්ෂාව පූජනීය ස්ථානවල ආරක්ෂාව, ඒ වගේම සෙනග සහ මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල සාප්පු සංකීර්ණ වල ආරක්ෂාව තහවුරු කරන්නට. විශේෂයෙන් බස්නාහිර පළාතේ 2,500ක අතිරේක බලඇනියක් මේ සියලු කටයුතු සඳහා යොදවලා තියෙනවා. ඒ නිසා මහජනතාව විසින් තමන්ගේ රථය යතුරු පැදිය යම්කිසි ස්ථානයක ගාල් කරන්නේ නම් ඒ ගැන අවධාන යොමු කරන්න. රථයේ වටිනා දේපොළ හෝ මුදල් තබා නොයන්න. ඔබට යම්කිසි කෙනෙක් ගැන සැකයක් ඉස්මතු වන්නේ නම් ළඟම සිටින පොලිස් නිලධාරියෙකුට ඒ බව දැනුම් දෙන්න. මේ උත්සව සමයේ සිවිල් ඇඳුම් ඇදගත් පොලිස් නිලධාරීන් රාශියක් ඔබගේ සහායට සහ ආරක්ෂාවට ඉන්නවා. බුද්ධි නිලධාරීන් ඉන්නවා. ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාව ඔබව ආරක්ෂා කිරීමට සූදානමින් සිටිනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...

වියළි කාලගුණය හේතුවෙන් දෙහි වගාවන්ට බලපෑම්

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන්...

අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීමේ නීතිය දැඩි වෙයි

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම...

දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්...