දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ එක් පොල් ගසකට රුපියල් 10,000 ක වන්දියක් හා පොල් පැළ ලබා දීමට රජයේ අවධානය යොමුව ඇත.
මෙම ආපදාව හේතුවෙන් පොල් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර වගාකරුවන්හට වන්දි ලබා දීමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා අදාළ තොරතුරු ඉදිරිපත් කරන ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති ආචාර්ය සුනිමල් ජයකොඩි ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පැවති දැඩි වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් කිලිනොච්චියේ පිහිටි පොල් වගා කිරීමේ මණ්ඩලයේ බීජ පොල් තවානේ විශාල පොල් පැළ සංඛ්‍යාවක් ද ජලයෙන් යට වී විනාශ වූ බව හෙතෙම පැවැසීය.
නායයෑම් සහ ගංවතුරෙන් විනාශ වූ පොල් ගස් වෙනුවට ඉදිරියේදී නව පොල් පැළ නැවත සිටුවීමට සැලසුම් කර ඇත.




