ආපදා තත්ත්වය උපයෝගී කරගනිමින් සමාජ මාධ්‍ය හරහා මුදල් වංචා කිරීම් ඉහළට

Date:

අපසුගිය සති කිහිපය පුරා සමාජ මාධ්‍ය වේදිකා හරහා මාර්ගගත වංචා සහ මුදල් වංචා කිරීමේ උත්සාහයන් වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, අතිශයින්ම සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එළඹෙන උත්සව සමය සහ දැනට පවතින කාලගුණික ආපදා තත්ත්වය උපයෝගී කරගනිමින් සයිබර් අපරාධකරුන් මහජන විශ්වාසය සහ අවදානම් තත්ත්වය අයුතු ලෙස යොදා ගෙන මුදල් ගසා කෑමේ උත්සාහයක නිරතව සිටින බව පෙනී යන බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රාජ්‍ය ආයත්න, රාජ්‍ය දෙපාර්තමේන්තු, සුපිරි වෙළඳසැල් සහ ව්‍යාපාරික ආයතන ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටින වංචනිකයන් සම්බන්ධයෙන් Sri Lanka CERT ආයතනය වෙත සැලකිය යුතු පැමිණිලි සංඛ්‍යාවක් ලැබි ඇති බවද එම ආයතනය පවසයි.

‘මෙවැනි ක්‍රියා පිළිබඳ විමසිලිමත් නොවන ජනතාව නොමඟ යැවීම සඳහා මේ ආකාරයෙන් වංචාකාරී පුද්ගලයන් ව්‍යාජ ප්‍රවර්ධන දීමනා, මූල්‍ය පාරිතෝෂික සහ ත්‍යාග ලබා දෙන බවට තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරති.

තවද රටේ ප්‍රදේශ කිහිපයකට හානියක් සිදු වූ සුළි කුණාටුව සහ දරුණු වර්ෂාවෙන් පසුව, සයිබර් අපරාධකරුවෝ සහන සහ යලි ගොඩනැංවීමේ කටයුතු වල නියැලී සිටින රජයේ ආයතන සහ සංවිධාන වල නම් වංචනික ලෙස අනුකරණය කරමින් සිටිති. ඔවුන් වංචාකාරී සබැඳි (Links) පළකරන අතර මෙම සබැඳි හරහා මුදල් පරිත්‍යාග කිරීමට මහජනතාව පොළඹවන අයුරු නිරීක්ෂණය වී ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට අනවසර පිවිසුම් සිදුකර එම ගිණුම් වංචාකරුවන් විසින් සිය ග්‍රහනයට නතු කර ගත් අවස්ථා ඇත. වින්දිතයින්ට ඔවුන්ගේ බැංකු ගිණුම් වල ඇති මුදල් එක එල්ලේම අහිමිව ගිය අවස්ථාද ඇත.

සැක සහිත සබැඳි වෙත ප්‍ර වේශ නොවන ලෙසත්, පුද්ගලික තොරතුරු බෙදා ගන්නා විට එය ආරක්ෂාකාරී ලෙස සිදු කරන ලෙසත්, නොදන්නා පුද්ගලයින් හෝ සත්‍යාපනය නොකළ වෙබ් අඩවි වලට පිවිසීමේ දී වඩාත් සැලකිලිමත් වන ලෙසත් එක් වරක් භාවිතා කළ හැකි මුරපද (OTP) කිසි විටෙකන් හෙළි නොකරන ලෙසත් Sri Lanka CERT මහජනතාවට තරයේ සිහිපත් කරයි.

රාජ්‍ය ආයතන සහ ස්ථාපිත සංවිධාන ඔවුන් වෙන යොමු කළ කිසිදු ඉල්ලීමක් රහිතව, සමාජ මාධ්‍ය සටහන් හෝ මාර්ග ගත සබැඳි හරහා මහජනතාවගේ සංවේදී තොරතුරු ඉල්ලා සිටින්නේ නැති බවත් සදහන් කළ යුතුය.

මෙම කාල සීමාව තුළ තමන්ට ලැබෙන ඕනෑම සමාජ මාධ්‍ය පණිවිඩයක, අරමුදල් රැස් කිරීමේ ඉල්ලීමක් හෝ මුල්‍ය දිමනාවක් හෝ සඳහන් වන්නේ නම් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, එහි සත්‍යතාව තහවුරු කර ගන්නා ලෙසත් Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී.’ යැයි එම නිවේදනයේ දැක්වෙයි.

අවදියෙන් සිටින්න. ඔබේ ඩිජිටල් අනන්යතාවය ආරක්ෂා කරගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...