වරෙන්තුකරුවන් 280කට අධික පිරිසක් අත්අඩංගුවට

Date:

අපරාධ හා මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම යටතේ ඊයේ (7) සිදුකළ පොලිස් මෙ‍හෙයුම්වලින් වරෙන්තුකරුවන් 284 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවන් අතරින් විවෘත වරෙන්තුකරුවෝ 225 ක් සිටිති.

පුද්ගලයන් 30,708 දෙනකු ඊයේ (7) දින පරීක්ෂා කර ඇති අතර පුද්ගලයන් 597 ක් සැකපිට අත්අඩංගුවට ගැණින. අපරාධවලට සෘජුව සම්බන්ධ පුද්ගලයන් 25 ක්, බීමත් රියැදුරන් 460 ක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් 57 දෙනකු අත්අඩංගුවට පත්ව තිබූ අතර වෙනත් රථවාහන වැරැදි සම්බන්ධයෙන් 4963 කට නීතිය ක්‍රියාත්මක කර ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි දිවයින ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...