රට පුරා මී උණ අධි අවදානම් දිස්ත්‍රික්ක දොළහක් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා අද (10)පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.
ගාල්ල, රත්නපුර, කළුතර, කෑගල්ල, කුරුණෑගල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, ගම්පහ සහ මොණරාගල එම දිස්ත්‍රික්ක දොළහ බවද ඔහු ප්‍රකාශ කළේය.




