අයහපත් කාලගුණයෙන් පුත්තලමේ දසදහසකට අධික පිරිසක් පීඩාවට

Date:

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 2892 ක පුද්ගලයින් 10,879 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව දිසා ලේකම් කාර්යාලය සදහන් කරයි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක ග්‍රාම නිලධාරී වසම් 117 ක පදිංචි ජනතාව අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව ඇත.

සැඩ පහරකට හසුවී ගසා ගෙන යාම හේතුවෙන් මාදම්පේ ප්‍රදේශයේදී එක් පුද්ගලයෙකු මරණයට ද පත් විය.

නිවාස 191 කට හානි සිදු වී ඇති අතර,ඉන් නිවාස 03 කට පූර්ණ හානි සිදුවී ඇත.

පීඩාවට පත්වූවන් සදහා අවශ්‍ය සහන ලබා දීම මේ වන විට ආරම්භ කර ඇති බව දිසා ලේකම් කාර්යාලය සදහන් කරයි.

එමෙන්ම කිසියම් ජල ගැලීමක් සිදුවී ජනතාව පීඩාවට පත්වුවහොත් ඔවුන් ගලවා ගැනීම සදහා නාවුක හමුදාවේ ජීවිතාරක්ෂක ඒකකය සහ යුධ හමුදාවද සුදානම් කර ඇති බව ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ප්‍රකට Wendy’s අවන්හල් ජාලය ශ්‍රී ලංකාවට

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය (John Keells Group) ලෝක ප්‍රකට...

වනජීවී ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136ක් ස්ථිර රාජ්‍ය සේවයට බඳවාගනී

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136...

මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති...

රන් මිල සීග්‍ර ලෙස පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...