ලොව හතරවැනි විශාලතම ආර්ථිකයට ඉන්දියාව හිමිකම් කියයි

Date:

ජපානය අභිභවා යමින් ඉන්දියාව ලොව හතරවැනි විශාලතම ආර්ථිකය බවට පත්ව ඇතැයි, ඉන්දීය රජය නිවේදනය කර තිබේ.

ඉන්දීය මාධ්‍ය තොරතුරු කාර්යාංශය ඊයේ මේ බව නිවේදනය කළේ, 2025 වසරේ ඉන්දියාව සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව වාර්තාවක් නිකුත් කරමින්ය.

ඒ අනුව ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4යි දශම 1යි 8ක් දක්වා ඉහල ගොස් තිබේ.

අදාල වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, 2025 – 2026 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුව තුළ එරට සැබෑ දළ දේශීය නිෂ්පාදිතය 8.2 කින් ඉහළ ගොස් ඇති බවයි.

ආර්ථික වර්ධන වේග පිළිබඳ පුරෝකථන උපුටා දක්වමින් ඉන්දීය බලධාරීන් පවසන්නේ, 2030 වසරට පෙර ඉන්දියාව ලොව තුන්වැනි විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇති බවයි.

කෙසේ නමුත් ඉන්දියාව ලෝකයේ සිව්වැනි විශාලතම ආර්ථිකය බවට පත්ව ඇතැයි ලෝක බැංකුව හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

මේ වන විට ලෝකයේ විශාලතම ආර්ථිකය වන්නේ අමෙරිකාවයි. ඔවුන්ගේ දල දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 30කට අධිකයි.

දෙවැනි ස්ථානයේ චීනයත්, තුන්වැනි ස්ථානයේ ජර්මනියත් රැදී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුනායක හා රියාද් අතර ගුවන් ගමන් තාවකාලිකව නවතී

මැදපෙරදිග ප්‍රදේශයේ උද්ගත වී තිබෙන යුධමය වාතාවරණය යටතේ ,...

වසරේ නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්...

මෙට්‍රෝ බස් රථ අනතුර හේතුවෙන් පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස්...

ලෝක තැපැල් දිනය අදයි

ලෝක තැපැල් දිනය නිමිත්තෙන් හැටන් තැපැල් කාර්යාල ශ්‍රවණාගාරයේදි ලේ...