ලොව හතරවැනි විශාලතම ආර්ථිකයට ඉන්දියාව හිමිකම් කියයි

Date:

ජපානය අභිභවා යමින් ඉන්දියාව ලොව හතරවැනි විශාලතම ආර්ථිකය බවට පත්ව ඇතැයි, ඉන්දීය රජය නිවේදනය කර තිබේ.

ඉන්දීය මාධ්‍ය තොරතුරු කාර්යාංශය ඊයේ මේ බව නිවේදනය කළේ, 2025 වසරේ ඉන්දියාව සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව වාර්තාවක් නිකුත් කරමින්ය.

ඒ අනුව ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4යි දශම 1යි 8ක් දක්වා ඉහල ගොස් තිබේ.

අදාල වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, 2025 – 2026 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුව තුළ එරට සැබෑ දළ දේශීය නිෂ්පාදිතය 8.2 කින් ඉහළ ගොස් ඇති බවයි.

ආර්ථික වර්ධන වේග පිළිබඳ පුරෝකථන උපුටා දක්වමින් ඉන්දීය බලධාරීන් පවසන්නේ, 2030 වසරට පෙර ඉන්දියාව ලොව තුන්වැනි විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇති බවයි.

කෙසේ නමුත් ඉන්දියාව ලෝකයේ සිව්වැනි විශාලතම ආර්ථිකය බවට පත්ව ඇතැයි ලෝක බැංකුව හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

මේ වන විට ලෝකයේ විශාලතම ආර්ථිකය වන්නේ අමෙරිකාවයි. ඔවුන්ගේ දල දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 30කට අධිකයි.

දෙවැනි ස්ථානයේ චීනයත්, තුන්වැනි ස්ථානයේ ජර්මනියත් රැදී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...