මහනුවර අනවසර පදික වෙළඳුන් ඉවත් කරයි

Date:

මහනුවර මහ නගර සභාව මීට පෙර දැනුම් දී තිබූ පරිදි මහනුවර නගරයේ අනවසර පදික වෙළෙඳුන් ඉවත් කිරීමේ කටයුතු අද (02) පෙරවරුවේ සිදුකෙරුණි.

කෙසේ වෙතත් පදික වෙළෙඳුන් පවසන්නේ, ඒ වෙනුවෙන් තමන්ට ලබාදී ඇති විකල්ප ස්ථානයේ වෙළෙඳාම් කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවය.

මහනුවර නගරයේ අනවසර පදික වෙළෙඳුන් ඉවත් කරන බවට මහනුවර මහ නගර සභාව දැනුම් දී තිබුණේ පසුගිය ජූලි මාසයේ සිටයි.

ඒ අනුව මහනුවර නගරයේ මෙන්ම පේරාදෙණිය හා කටුගස්තොට නගරවලද අනවසර පදික වෙළෙඳුන් ඉවත් කිරීම නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ, මහනගර සභා නිලධාරීන් සහ පොලිසියේ මැදිහත් වීමෙන් අද පෙරවරුවේ සිදුකෙරුණි.

කෙසේ වෙතත්, වෙළෙඳුන් පවසන්නේ තමන්ට විකල්පයක් ලෙස බෝගම්බර ප්‍රදේශයේ ස්ථානයක් ලබාදුන්නද එම ප්‍රදේශය ජනාකීර්ණ නොවන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොණ්ඩා මෝස්තරය, පච්චහෝ ඇඳුම් පැළඳුම් මත පදනම්ව අලුත් පනතෙන් රිමාන්ඩ් කරන්න පුළුවන් – ජනාධිපති නීතිඥ

රජය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

කාවන්තිස්සට ප්‍රතිකාර කල වෛද්‍ය ඉසුරු ඉල්ලා අස්වෙයි

වයඹ වනජීවී කලාපීය පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ සිය තනතුරෙන්...

කාන්තා පිළිකා මරණ අතරින් 27%කට හේතුව පියයුරු පිළිකාවයි

පිළිකා රෝග හේතුවෙන් මෙරට සිදුවන කාන්තා මරණ අතරින් 27%...

උල්කාපාත වර්ෂාව මෙවරත්

''ඔරියෝනිඩ්ස්''උල්කාපාත වර්ෂාව මේ දිනවල ශ්‍රී ලාංකිකයන්ට ද රාත්‍රී අහසේ...