පොලිස් අණ නොතකා ධාවනය කල මෝටර් රථයකට වෙඩි එහි අයිස් මත්ද්‍රව්‍ය හා ජීව අත්බෝම්බයක්

Date:

මාතර වැල්ලමඩම ප්‍රදේශයේ දී පොලිස් අණ නොතකා ධාවනය කල මෝටර් රථයකට ඊයේ (07) රාත්‍රි වෙඩි තබා නතර කර සිදු කළ පරීක්ෂා කිරි‍මේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය හා ජීව අත්බෝම්බයක් සමග එහි රියදුරු අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීම සදහා පත්‍ කර ඇති මාතර කොට්ඨාස සංග්‍රාමික යතුරු පැදි ඒකකය වැල්ලමඩම ප්‍රදේශයේ සැක කටයුතු ලෙස නතර කර තිබු එම මෝටර් රථය පරික්ෂා කිරීමට උත්සාහ කිරිමේදී එහි රියදුරු එක්වරම පොලිස් නිලධාරීන් අනතුරට ලක්වන ආකාරයට මෝටර් රථය ඉදිරියට ධාවනය කර තිබෙන බව පොලීසිය සදහන් කරයි.

එහිදී පොලිස් නිලධාරීන් දෙපසට පැන දිවි බේරා ගෙන අදාල මෝටර් රථය පසු පස ලුහු බදිමින් වෙඩි තබා ඇති බව කියයි. වෙඩි ප්‍රහාර හමුවේ මෝටර් රථය මග දෙපස තාප්ප වල හා මාර්ග සංඥා පුවරු වල හැපෙමින් තව දුරටත් ඉදිරියට ධාවනය කොට මැද්දවත්ත ජනරජ මාවතේ මෝටර් රථය දමා සැකකරුවන් පලා ගොස් තිබුණි.

පසුව ප්‍රදේශය පුරා සිදු කල සෝදිසි මෙහෙයුමක දී මෝටර් රථයේ රියදුරු රුහුණ විශ්ව විද්‍යාලය පිටුපස ලදු කැලෑවක සැගවී සිටියදී පොලීසිය සැක පිට අත්අඩංගුවට ගනු ලැබීය.

මෝටර් රථය පරික්ෂා කිරිමේ දී ජීව අත්බෝම්බයක්,අයිස් මිලි ග්‍රෑම් 2230 ක්,මත්ද්‍රව්‍ය පානයට ගන්නා උපකරණ හා මත්ද්‍රව්‍ය විකුණා උපයා ගත් බව කියන රුපියල් එක් ලක්ෂ පන්දහස් හයසිය තිහක මුදලක් පොලීසිය සොයා ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ද පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...