මෙක්සිකානු ජනාධිපතිනිය මහමඟ ලිංගික හිංසනයට ලක්වෙයි

Date:

මෙක්සිකානු ජනාධිපතිනී, ක්ලවුඩියා ෂෙයින්-බවුම් එරට පොලිසීය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ඒ , ඇය මුහුණ දුන් ලිංගික හිංසනයක් සම්බන්ධයෙනි.

ඇය පෙරේදා දිනයේ (04) එරට ජනාධිපති මන්දිරයේ සිට අධ්‍යාපන අමාත්‍යංශය දක්වා පා ගමනින් යන අවස්ථාවේදී, මාර්ගයේ සිටි පුද්ගලයින් සමග කතා බහක නිරත වී තිබේ.

එම අවස්ථාවේදී ඇගේ පිටුපසින් පැමිණි පුද්ගලයෙකු, ජනාධිපතිනිය ස්පර්ෂ කර ඇයව සිපගැනීමට උත්සහ කරන දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

රැස්ව සිටි අනෙක් කාන්තාවන්ටද අදාල පුද්ගලයාගෙන් හිරිහැර වී ඇති බව අනාවරණය වීම හේතුවෙන් පොලීසියට පැමිණිලි කල බව ජනාධිපතිනිය ප්‍රකාශ කළේ ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව, මෙක්සිකෝවේ වයස අවුරුදු 15ට වැඩි කාන්තාවන්ගෙන් 70%ක් පමණ තම ජීවිතයේ අවම වශයෙන් එක් අවස්ථාවකදී ලිංගික හිරිහැර වලට මුහුණ දී තිබේ.

මෙක්සිකානු ජනාධිපතිනිය පවසන්නේ, ලිංගික හිරිහැර කිරීම් සහ ලිංගික හිංසන, රට පුරා අපරාධමය වරදක් බවට පත්කළ යුතු බවයි.

රටේ පළමු පුරවැසියා ප්‍රසිද්ධියේ එලෙස හිරිහැරයට ලක්වන්නේ නම්, රටේ අනෙක් කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳව ඇත්තේ ඉතාම ශෝකජනක තත්ත්වයක් බව ජනාධිපතිනිය පෙන්වා දෙනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...