කාන්තා පිළිකා මරණ අතරින් 27%කට හේතුව පියයුරු පිළිකාවයි

Date:

පිළිකා රෝග හේතුවෙන් මෙරට සිදුවන කාන්තා මරණ අතරින් 27% කටම හේතුව පියයුරු පිළිකාව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

ඔක්තෝම්බර් මාසයට යෙදෙන පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය නිමිත්තෙන් කළුතර නගරයේදී ඊයේ (18) පැවති ජනතාව දැනුවත් කිරීමේ පා ගමනට සහ ප්‍රධාන උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව අවධාරණය කළේය.

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ පිළිකා රෝග මර්දන ඒකකයේ “ප්‍රාර්ථනා සහන සංගමය” සහ ශ්‍රී ලංකා පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (SLCO) එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ අභියෝගය වී ඇත්තේ බෝනොවන රෝග බවයි. බෝනොවන රෝගවලින් ජනතාව බේරා ගැනීම, කලින් හඳුනා ගැනීම සහ කඩිනමින් ප්‍රතිකාර ආරම්භ කිරීම ප්‍රමුඛ වන බව ද පැවසීය.

කාන්තාවන් අතර මරණයට හේතුවන ප්‍රධාන හේතුවක් ලෙස පිළිකාව පෙන්වා දිය හැකි බවත් එම මරණයට හේතු වන පිළිකා අතර 27%ක්ම පියයුරු පිළිකා වන බවත්, දිනකට මෙරටින් නව පියයුරු පිළිකා රෝගීන් 15ත් 18ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම අභියෝගය ජය ගැනීම සඳහා ඖෂධ, මුල්‍ය ප්‍රතිපාදන හා යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව, පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා පුද්ගලයා සහ කුඩා කණ්ඩායම් කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවා ප්‍රවේශයකට යොමු විය යුතු බව අමාත්‍යවරයා කියා සිටියේය.

සැවොම එක්ව පියයුරු පිළිකා පිළිබඳව සමාජය දැනුවත් කරමින්, බියකින් හෝ ප්‍රමාදයකින් තොරව වෛද්‍ය සහය ලබා ගැනීමට අපේ කාන්තාවන් දිරිමත් කළ යුතු බවත්, බෝනොවන රෝගවලින් අපේ පුරවැසියන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය සියලු මූල්‍ය ප්‍රතිපාදන, උපකරණ සහ ඖෂධ ආදී සියල්ල ලබා දීමට රජය සූදානම් බව ද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උල්කාපාත වර්ෂාව මෙවරත්

''ඔරියෝනිඩ්ස්''උල්කාපාත වර්ෂාව මේ දිනවල ශ්‍රී ලාංකිකයන්ට ද රාත්‍රී අහසේ...

ගුවන් යානයක් තුළදී ශ්‍රී ලාංකික කාන්තාවක් දරුවෙකු ප්‍රසූත කරයි

කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ බලා පැමිණෙමින් තිබූ...

අග්බෝ ඇතු නාච්චාදූවෙන් හමුවෙයි

‘අග්බෝ’ ඇතා තිරප්පනේ, නාච්චාදූව වැව් රක්ෂිතයේදී සොයාගෙන තිබේ. වනජීවී සංරක්ෂණ...

ගෑස් බෙදා හැරීමේ කටයුතු අද සිට යථා තත්ත්වයට

දිවයින පුරා ගෑස් බෙදා හැරීමේ කටයුතු අද (19) සවස්...