පොලිසිය සතු කඳුළු ගෑස් 70%ක්ම කල් ඉකුත් වෙලා

Date:

පොලිසිය සතුව තිබෙන කඳුළු ගෑස් තොගවලින් සියයට හැත්තෑවක්ම කල් ඉකුත් වී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

2022 වසරේ මාර්තු මස 22 සිට ජූලි දක්වා පැවැති අරගල සමයේදී විරෝධතා මැඬපැවැත්වීම සඳහා කදුළු ගෑස් භාවිතයට ගත්තද ඉන් පසුව කඳුළු ගෑස් භාවිතයට නොගැනීමෙන් වසර පහකට පෙර ආනයනය කර තිබූ කදුළු ගෑස් මෙලෙස කල් ඉකුත්ව ඇතැයි ද පොලිස් මූලස්ථානය කියා සිටී.

හදිසි මිලදී ගැනීම් යටතේ විදේශ රටවලින් කඳුළු ගෑස් මිලදී ගන්නා බවත් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය මගින් කඳුළු ගෑස් උණ්ඩ කැරලි මර්දන පොලිසිය වෙත සහ රට පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත බෙදා හරින බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙරටට ආනයනය කරන කඳුළු ගෑස් උණ්ඩයක ආයු කාලය වසර පහක් බවත් කල් ඉකුත් වන කඳුළු ගෑස් භාවිතයෙන් ඉවත් කරන බවද පොලිසිය කියා සිටියි.

වර්තමාන ජාතික ජන බලවේගය බලයට පත් වූ පසු දේශපාලන විරෝධතා මර්දනයට කඳුළු ගෑස් භාවිත නොකළ බවත් මේ හේතුවෙන් පොලිසිය සතුව තිබූ කඳුළු ගෑස් ප්‍රමාණයක් කල් ඉකුත් වී ඇති බවත් පොලිස්පතිවරයා තමාට දැනුම් දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක අනුරාධපුරයේදී මේ අතර සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙරට කැරලි මර්දනය සඳහා අවශ්‍ය වන කඳුළු ගෑස් පොලිසිය සතුව ඇතැයි ද පොලිස් මූලස්ථානය කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...

වියළි කාලගුණය හේතුවෙන් දෙහි වගාවන්ට බලපෑම්

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන්...

අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීමේ නීතිය දැඩි වෙයි

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම...

දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්...