එළැඹෙන සඳුදා සිට වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්

Date:

එළැඹෙන සඳුදා (13) වැනිදා සිට වී මිලදී ගැනීම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පැවසුවේ ඒ අනුව මේ දිනවල වැඩිම වී අස්වනු නෙලන ප්‍රදේශ ආශිතව වී ගබඩා විවෘත කරමින් වී මිලදී ගැනීම් ආරම්භ කරන බවයි.

ඒ අනුව උතුරු නැගෙනහිර සහ අම්පාර යන ප්‍රදේශ ආශ්‍රිතව දැනට වී අස්වනු බහුල වශයෙන් නෙලීම ආරම්භ වී ඇති බැවින් එම ප්‍රදේශ ආශ්‍රිතව වී මිලදී ගැනීම් සිදුකරන බවත් ඒ මහතා සඳහන් කළේය.

වී අලෙවි මණ්ඩලය වී මිලදී ගනු ලබන්නේ නාඩු කිලෝ එකක් රුපියල් 120, සම්බා වී කිලෝ එකක් රුපියල් 130, කීරි සම්බා කිලෝ එකක් රුපියල් 140ක් වැනි මිලකට බවත් පැවසූ ඒ මහතා වී මිලදී ගැනීම සඳහා මේ වන විට ගබඩා අත්පත් කර ගැනීම් සිදුකර ඇති බවත් මෙහිදී පැවසීය.

ඒ අනුව ස්ථාන 143ක ගබඩාවලින් වී මිලදී ගැනීම් මේ වන විට සැලසුම් කර ඇති බවත් යම් හෙයකින් ගබඩා සම්පූර්ණයෙන් පිරුණහොත් අසල පිහිටි පෞද්ගලික අංශයේ ගබඩා ලබා ගැනීම පිළිබඳවද මේ වන විට සාකච්ඡා කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම රාජය මගින් වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6,000ක මුදලක් ලබා දී ඇති බවත් ඊට අමතරව ඔඩපන ණය යටතේ රුපියල් මිලියන 10,000ක මුදලක් වෙන් කර ඇති බවත් පැවසූ ඒ මහතා මේ මගින් කුඩා හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන්ට වී තොග රැස් කරගැනීම සඳහා පහසුකම් සලසා දී ඇතැයිද මෙම කාර්ය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අධීක්ෂණය කරන බවද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොල් වගාව ප්‍රවර්ධනයට ආණ්ඩුවෙන් සල්ලි

පොල් ඉඩම් පුනරුත්ථාපන විශේෂ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී...

මුතුරාජවෙලට නව ඉන්ධන ගබඩා ටැංකි තුනක්

මුතුරාජවෙල පර්යන්තයේ නව ඉන්ධන ගබඩා ටැංකි තුනක් ඉදිකිරීම සඳහා...

ක්‍රිප්ටෝ කඩා වැටිම නිසා ට්‍රම්ප්ගේ සමාගමකට ඩොලර් මිලියන 238ක පාඩුවක්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය සමාගම, අප්‍රේල් සහ...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 90,000 ඉක්මවයි

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත...