කතරගම දේවාලයේ මංගල්‍ය නිමිත්තෙන් විශේෂ බස් සේවාවක්

Date:

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ශික මංගල්‍ය නිමිත්තෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් කතරගම කේන්ද්‍රගතව විශේෂ බස් සේවාවක් ආරම්භ කර තිබේ.

මේ අනුව කොළඹ සිට කතරගම සහ නැගෙනහිර පළාතේ සිට කතරගම දක්වා මෙන්ම කදුකර ප්‍රදේශවල සිටද එම බස් රථ ධාවනයට යොදා ඇත.

www.sltb.eseat.lk වෙව් අඩවිය මගින් ආසන වෙන් කර ගැනීමේ හැකියාව පැවතියද මගී පහසුව තකා කතරගම බස් නැවතුම්පලේ ආසන වෙන් කර ගැනීමේ කවුළු දෙකක් මේ වන විට ස්ථාපිත කර ඇත.

නැගෙනහිර සහ කදුකර ප්‍රදේශවල සිට පාද යාත්‍රාවේ කතරගමට පැමිණෙ බැතිමතුන් මෙන්ම කොළඹ මහනුවර ඇතුළු ප්‍රදේශවල සිට සාමාන්‍ය ලෙස පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් මෙම විශේෂ බස් සේවාව යොදවා තිබේ.

කතරගම සිට මඩකලපුව,පානම, ත්‍රිකුණාමලය, මුතූර්,වාලච්චේන, පොතුවිල්,අක්කරපත්තුව, වාකරේ,කල්මුණ දක්වා විශේෂ බස් සේවාවක් මෙලෙස ධාවනයට එක් කර ඇත.

එසේම කතරගම සිට කොලඹ,මහනුවර, හැටන්, බදුල්ල, නුවරෙළිය ඇතුළු ප්‍රදේශ සදහාද බස් රථ යොදවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...