තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Date:

මධ්‍යම, සබරගමුව, උතුරු-මැද පළාත් සහ පුත්තලම, හම්බන්තොට, මන්නාරම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව එය අද (09) පෙරවරු 11.00 සිට හෙට (10) පෙරවරු 11.00 දක්වා වලංගු වේ.

මධ්‍යම, සබරගමුව, උතුරු-මැද පළාත් සහ පුත්තලම, හම්බන්තොට, මන්නාරම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් වටින් විට පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකිය.

මේ අතර හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඒ අනුව එම ප්‍රදේශවල මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළුවේ.

මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් තමන් විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන සෙසු නිවේදන පිළිබඳව, අවධානයෙන් පසුවන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...