නොරොච්චෝල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු හෙට සිට නැවත ආරම්භ කිරීමට හැකියාවක් පවතින බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO)පවසයි.
පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවයක් හේතුවෙන් පසුගිය සෙනසුරාදා දින මුළු දිවයිනටම විදුලිය ඇණ හිටීමක් සිදුවිය.
එලෙසම නොරොච්චෝල විදුලි බලාගාරයේ කටයුතු නතරවීම හේතුවෙන් ඊයේ සහ පෙරේදා යන දෙදින තුළ දිවයින පුරා බලපැවැත්වෙන පරිදි විදුලි කප්පාදුවක්ද සිදුවිය.
මෙය අද (21) දිනයේදීත් ඒ ආකාරයෙන්ම ක්රියාත්මක වෙයි.
කෙසේ නමුත් හෙට (22) දිනයේ සිට නොරොච්චෝල විදුලි බලාගාරය ජාතික පද්ධතියට එක් කිරීමට හැකියාවක් පවතින හෙයින් විදුලි කප්පාදුවකට අවශ්යතාවක් නොමැති බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම වැඩිදුරටත් පැවසීය.



