දඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාරගත වූ පිරිස ගැන හෙළිදරව්වක්

Date:

දඩ මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් රැදවියන් 1500කට ආසන්න පිරිසක් බන්ධනාගාර තුළ සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂන නානායක්කාර මහතා පවසයි.

රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා ඔහු සඳහන් කළේ, රුපියල් 10,000ත් 15,000ත් අතර දඩ මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් රැදවියන් 421 දෙනෙකු බන්ධනාගාර තුළ සිටින බවයි.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂන නානායක්කාර මහතා,

“සිරකරුවන් සංඛ්‍යාව 10,611යි. සැකකරුවන් සංඛ්‍යාව 28,408යි. සිරකරුවන් ප්‍රමාණය වයස් පරතරය අනුව, 20-30 අතර 2,160යි. 30-40ත් අතර 3,423යි. 40-50ත් අතර, 2,860යි. 50-60ත් අතර 1,561යි.60-70ත් අතර 601යි. 70-80ත් අතර, 150යි.80ට වැඩි 11යි. දඩ ගෙවීමට ඇති සිරකරුවන් සංඛ්‍යාව 1,454යි.

10,000ත් 15,000ත් අතර දඩ ගෙවාගන්න බැරිව 421ක් ඉන්නවා. 15,000ත් 25,000ත් අතර දඩ ගෙවාගන්න බැරිව 220ක් ඉන්නවා. 25,000ත් 50,000ත් අතර දඩ ගෙවාගන්න බැරිව 361යි. 50,000ත් 100,000ත් අතර දඩ ගෙවාගන්න බැරිව 245යි. ලක්ෂයට වැඩි දඩ ගෙවාගන්න බැරිව 207යි. සමස්ථ එකතුව 1,454යි.”

අදාළ රැදවියන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් වූ වැඩ පිළිවෙලක් රජයට ඇත්දැයි යන්න සම්බන්ධයෙන් එහිදී රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා විමසීමක් සිදුකළ අතර ඊට හර්ෂන නානායක්කාර අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නේය.

“දඩයක් ගෙවන්න බැරිව හිරේ ඉන්නවා කියන්නෙම ලොකු වරදක් වෙන්න බෑනේ. දඩේ ගෙවන්න බැරිකමට ඉන්නේ. දැන් වෙනකොටත් නොයෙකුත් සංවිධාන ආයතන විසින් මේ තෝරාගත් සිරකරුවන්ට ඒ දඩ මුදල ගෙවලා එළියට ගැනීමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම ඉදිරියේදීත් ඕනෑම කෙනෙක්ට පුළුවන්නම් ඒක බන්ධනාගාරය විසින් තහනමක් කරන්නේ නෑ ඕනෑම රාජ්‍ය ආයතනයකට හෝ රාජ්‍ය නොවන ආයතනයකට ඒ කට්ටියව එළියට ගන්න පුළුවන්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නොරොච්චෝල විදුලි බලාගාරය හෙට සිට ජාතික පද්ධතියට එක් කරයි

නොරොච්චෝල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු හෙට සිට නැවත...

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ පළාත් 7ක් සඳහා ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්...

තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමඟ කෙටි ආහාර මිලත් ඉහළට

ආනයනික තිරිඟු පිටි මිල රු 13කින් ඉහළ දැමීමත් සමඟ...

ඩොලරය ඉහළ යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත්...