ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

Date:

දිවයිනේ පළාත් 7ක් සඳහා ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය මධ්‍යම, සබරගමුව, උතුරු, උතුරු – මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත් සඳහා වලංගු වෙයි.

ඒ අනුව, මධ්‍යම, සබරගමුව, උතුරු, උතුරු – මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිතවැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

අද (21) පෙ.ව. 11.30 ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට පෙ.ව. 01.30 දක්වා වලංගු වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමඟ කෙටි ආහාර මිලත් ඉහළට

ආනයනික තිරිඟු පිටි මිල රු 13කින් ඉහළ දැමීමත් සමඟ...

ඩොලරය ඉහළ යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත්...

ලිට්‍රෝ ගෑස් පිළිබඳව දැනුම්දීමක්

දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු වේගවත්ව ක්රියාත්මක කරමින් පවතින...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි, මරණ සංඛ්‍යාව 79යි

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ...