අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීමේ නීතිය දැඩි වෙයි

Date:

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය හෙට (19) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

ඒ සඳහා ලබාදී තිබූ වසරක පමණ සහන කාලය අදින් අවසන් වන බැවින්, හෙට සිට ආසන පටි නොපැළඳ අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් සහ මගීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා සඳහන් කළේය.

ඒ අනුව ආසන පටි නොමැති රථ වාහන අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමටද හෙට සිට අවසර ලබා නොදෙන බව ඔහු පැවසීය.

අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම රථ වාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ආසනවල ගමන් කරන සියලුම මගීන් ද ආසන පටි පැළඳිය යුතු බව පොලීසිය අවධාරණය කරයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පෙන්වා දෙන්නේ ආසන පටි නොපැළඳීම හේතුවෙන් රිය අනතුරු හා අනතුරුවලින් සිදුවන අවදානම් ඉහළ යන බැවින් මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවය.

මෙම නීතිය ක්‍රියාත්මක කරන්නේ දඩ හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පමණක් අරමුණු කරගෙන නොව, රියදුරන්ගේ සහ මගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා බවද ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්ම රථයක පසුපස ආසනවල ගමන් කරන මගීන්ද අනිවාර්යයෙන්ම ආසන පටි පැළඳිය යුතු බවත්, ආසන පටි නොමැති වාහනවලින් අධිවේගී මාර්ගයට ඇතුළු වීමට උත්සාහ නොකරන ලෙසත් පොලීසිය දැනුම් දෙයි.

මේ අතර, ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය මීට වසරකට පමණ පෙර හඳුන්වා දුන්නද, ඇතැම් පැරණි වාහනවල නිෂ්පාදකයින් විසින් ආසන පටි සවිකර නොතිබීම හේතුවෙන් එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට යම් කාලයක් ලබාදීමට සිදුවූ බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා පැවසීය.

එම වාහනවල ආසන පටි සවිකර ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී සහන කාල ලබාදී තිබූ අතර, එම අවසන් සහන කාලයද අදින් අවසන් වන බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව හෙට සිට අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම රථ වාහනවල රියදුරන් සහ සියලුම මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය බව මංජුල කුලරත්න මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීති ක්‍රියාත්මක කරන ලෙස පොලීසිය දැනුම්වත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

තවදුරටත් සහන කාලය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවත්, ආසන පටි සවිකර ගැනීම සඳහා වසරකට ආසන්න කාලයක් ලබාදී ඇති බැවින් තවත් සහන කාලයක් අවශ්‍ය නොවන බවත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...