කේරල ගංජා තොගයක් සමඟ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

Date:

කේරල ගංජා තොගයක් සමඟ නල්ලූර් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු යාපනය චෙම්මිණිපාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

එහිදී ඔහු සතුව තිබී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 4 ග්‍රෑම් 880ක පමණ තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නල්ලූර් ප්‍රාදේශීය සභාවේ ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අද යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් මිල පහළට

මෙරට රන් මිල ඊයේ දිනයට සාපේක්ෂව අද (22) දින...

අයහපත් කාලගුණයෙන් පවුල් 450කට අධික පිරිසක් පීඩාවට

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට...

පාස්කුවේ නඩු තීන්දුව අදයි

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සහරාන් හෂිම් ප්‍රමුඛ...

පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා – ඉදිරි පැය 24 තුළ කාලගුණය අයහපත්

දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති...