ඉන්දියානු රජයෙන් ශ්‍රී ලංකා පොලිසියට කැබ් රථ 134ක්

Date:

ශ්‍රී ලංකා පොලිසියේ පරිහරණය සඳහා ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ ඉන්දියානු රජය විසින් පරිත්‍යාග කරන ලද කැබ් රථ 134ක් නිල වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දීම අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ඉන්දියානු රජය මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 300ක් වන අතර, මෙම කැබ් රථ උතුරු පළාත් පොලිස් ස්ථාන වෙත භාර දීමට නියමිතය.

ඉදිරියටත් මෙවැනි ආධාර ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බව ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙහිදී සඳහන් කළේය.

ඉන්දියානු රජය විසින් සිදු කරන ලද මෙම පරිත්‍යාගය අගයමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඉන්දීයානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා වෙත සමරු තිළිණයක්ද ප්‍රදානය කරන ලදී.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, ඩිමෝ ආයතනයේ සාමාන්‍යාධිකාරි රජිව් පණ්ඩිතගේ යන මහත්වරුද, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද, ශ්‍රී ලංකා පොලිසියේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...

ජලය නොමැතිව බදුල්ලේ 8000කට අධික පිරිසක් පීඩාවට

එල්නිනෝ බලපෑමට ලක්ව ජල උප්පත් සිඳී යාම හේතුවෙන් බදුල්ල...

22ට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...