ආසියානු බොර තෙල් මිල පහළ යයි

Date:

ඉරානය සමග සාකච්ඡා කර ඇති ගිවිසුම අවසන් අදියරේ පවතින බැවින් එහි කොටසක් ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයත් සමග ආසියානු බොර තෙල් මිල කැපී පෙනෙන ලෙස අඩුවී තිබේ.

ඒ අනුව අද (25) උදෑසන වනවිට බ්‍රෙන්ට් මිල 5%කින් පහළ ගොස් ඩොලර් 97.90ක් වී ඇත. එමෙන්ම අමෙරිකානු WTI බොරතෙල් මිල 5.3%කින් පහළ ගොස් ඩොලර් 90.93ක් ලෙස සටහන්ව තිබේ.

කෙසේ නමුත් මර්බන් බොරතෙල් මිල 0.06%කින් ඉහළගොස් ඩොලර් 102.21ක් වී ඇත.

මේ හේතුවෙන් ආසියානු කොටස් වෙළෙඳපොළ රැසක් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව ජපානයේ නිකේ 225 කොටස් දර්ශකය පළමු වරට 65,000 සීමාව ඉක්මවා ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...