‍දුම්කොළ භාවිතය නිසා වසරකට ජීවිත 22,000ක් අහිමි වේ – දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය

Date:

දුම්කොළ භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලයින් 22,000කට වැඩි පිරිසක් මරණයට පත්වන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය පවසයි.

එහි සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා සඳහන් කළේ, දුම්කොළ භාවිතය හේතුවෙන් රෝග 200කට වැඩි සංඛ්‍යාවක් වැලඳෙන බවට හඳුනාගෙන ඇති බවය.

2026 ලෝක දුම්කොළ නිවාරණ දිනය නිමිත්තෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මේ බව සඳහන් කළේය.

“අවුරුද්දකට ආසන්න වශයෙන් 22,000කට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මියයනවා මේ පුංචි රට ඇතුළේ දුම්කොළ භාවිතය නිසා. ආර්ථික හානි ගැන කතා කළොත් වාර්ෂිකව රුපියල් බිලියන 214කට ආසන්න ප්‍රමාණයක් 2016 ඇස්තමේන්තුවට අනුව වියදම් කරනවා. නෙළුම් කුලුනක් හදනවා වගේ. දුම්කොළ නිසා සිදුවන හානිය නඩත්තු කරන්න අපි වියදම් කරන ප්‍රමාණය නෙළුම් කුලුනු 16ක් හදන්න යන මුදල් ප්‍රමාණයට. හයිවේ දෙකක් හදන්න යන මුදල්.”

දුම්වැටි භාවිතය හේතුවෙන් සිදුවන පාරිසරික හානිය පිළිබදව ද එම මාධ්‍ය හමුවේ දී දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මෙලෙස පැහැදිලි කළේය.

“ලංකාවේ විතරක් මිලියන 9 – 11ත් අතර ප්‍රමාණයක් සිගරට් ෆිල්ටර්ස් පරිසරයට මුදාහරිනවා. මේ පාවිච්චි කරන ලද ෆිල්ටර්ස්වල උග්‍ර රසානික සහ පිළිකා ද්‍රව්‍ය අඩංගුයි. මේවායෙන් සිදුවන පරිසර, සෞඛ්‍ය හානිය අනන්තයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...