මිල ඉහළ යාම හේතුවෙන් රත්තරන් අලෙවිය පහතට

Date:

ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල ගණන් ඉහළ යාමත් සමග මෙරට වෙළෙඳපොළේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් පහළොස් දහසකින් (15,000) ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා ස්වර්ණාභරණ අලෙවිසල් හිමියන්ගේ සංගමයේ ලේකම් රාමන් සුබ්‍රමනියම් පැවසුවේය.

මෙලෙස මිල ඉහළ යාම හේතුවෙන් රත්තරන් අලෙවිය සියයට හැටකින් (60%)කින් පමණ පහත වැටී ඇතැයි ද ඔහු කීවේය. කැරට් 24 රන් පවුමක මිල සතියකට පෙර රුපියල් තුන්ලක්ෂ තුන්දහසක (303,000) පැවැති බව කී හෙතෙම ඊයේ (09 වැනිදා) පෙරවරුවේදී කැරට් 24 රන් පවුමක මිල රුපියල් තුන්ලක්ෂ විසිඅටදහසක (328,000) පැවැති නමුත් ඊයේ (09 වැනිදා) දහවල් වනවිටදී එය රුපියල් තුන්ලක්ෂ තිස්දහස (330,000) දක්වා ඉහළ ගොස් තිබූ බවද කියා සිටියේය.

තවද මේ වනවිට රත්තරන් බිස්කට් මෙරටදී මිලදී ගැනීමට නොමැතිවීම හේතුවෙන් භාවිතා කරන ලද රත්තරන් මිලදී ගෙන ඒවා මකා යළි රන් භාණ්ඩ සකස් කිරීමට ස්වර්ණාරණ අලෙවිසල් හිමියන්ට සිදුවී ඇතැයිද ඔහු කීවේය.

තවද විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයන්ගෙන් රත්තරන් මිලදී ගැනීම සිදුකරන බවත් රත්තරන් බිස්කට් ආනයනය කිරීමේදී සියයට විසිඅටක (28%) බදු ගෙවීමට සිදුවී තිබෙන බවත් කී හෙතෙම අනෙකුත් බදු සමග එය සියයට පනහ (50%) දක්වා වැඩිවී ඇතැයිද පෙන්වා දුන්නේය. එමනිසා ස්වර්ණාභරණ අලෙවියේ යෙදෙන කිසිවකු රත්තරන් බිස්කට් ආනයනය නොකරන බවද ඒ මහතා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුඛ පිළිකාව හේතුවෙන් ලංකාවේ තිදෙනෙක් දෛනිකව මරුට

මුඛ පිළිකා වැළඳීමට ප්‍රධාන වශයෙන් පුවක් හා දුම්කොළ භාවිතය...

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි

හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය...

දකුණු ආසියාවේ වැඩිහිටි ප්‍රජාව වැඩිවන රට ශ්‍රී ලංකාව

දකුණු ආසියාවේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනය වන රට බවට...

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ...