ටික්ටොක් හරහා පාසල් සිසුවියක් වෙරළ තීරයකට ගෙන්වා සමූහ දූෂණය කල සිව් දෙනකු අත්අඩංගුවට

Date:

ටික්ටොක් සමාජ මාධ්‍ය මගින් හඳුනා ගත් පාසල් සිසුවියක් කන්තලේ ඊච්චලම්පත්තු වෙරළ තීරය වෙත රැගෙන ගොස් සමූහ දූෂණයට ලක් කළ පාසල් සිසුවකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ඊච්චලම්පත්තු පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන සිසුවෙකු සහ ඔහුගේ මිතුරන් තිදෙනකු බව පොලිසිය සඳහන් කරයි.

සැකකාර සිසුවා ඉහත සිසුවිය ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා හඳුනාගෙන ඇය සමඟ කතා කිරීම සඳහා යැයි පවසමින් සැකකාර සිසුවා ලංකා පටුන විහාරස්ථානයට පිටුපස වෙරළ තීරයට ගෙන්වා ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

එහිදී සිසුවා සහ සිසුවිය කතා කරමින් සිටින අතරතුර සිසුවාගේ මිතුරන් තිදෙනා ද පැමිණ ඇති බවත්, පසුව ඔවුන් සිසුවිය කැලෑ බද ප්‍රදේශයකට රැගෙන ගොස් ඇයට ලිංගික අතවර සිදු කළ බවට සිසුවිය ඊච්චලම්පත්තු පොලිසියට පැමිණිලි කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී හෙළි කර ගත් තොරතුරු මත සැකකාර සිසුවා සහ ඔහුගේ මිතුරන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඊච්චලම්පත්තු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රත්තරන් කරඬුවක්

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින...

Apple සමාගම සුවිශේෂී නම්‍යශීලී දුරකථනයක් හඳුන්වා දෙයි

Apple සමාගම විසින් iPhone 18 මාලාවේ තවත් සුවිශේෂී නිෂ්පාදනයක්...

ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 74ක් දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගිය...

විදෙස්ගත ලාංකිකයන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මාස තුනක මෙරට රැඳී සිටීමේ සීමාවක්

රියැදුරු බලපත්‍ර ඉල්ලුම් කරන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට එම බලපත්‍ර...