අර්නාබ් සුළි කුණාටුව වර්ධනය වෙමින් පවතී

Date:

ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබී ඇති අතර, වැඩිම වර්ෂාපතනය පුත්තලම දිස්ත්‍රික්කයේ කරන්දිපෝවල් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ එම ප්‍රදේශයට මිලිමීටර් 195.7ක වර්ෂාපතනයක් ලැබී ඇති බවය.

එමෙන්ම, කුලියාපිටිය ප්‍රදේශයෙන් මිලිමීටර් 193.0ක වර්ෂාපතනයක් ද, ඉලුප්පයිකඩවෙයි ප්‍රදේශයෙන් මිලිමීටර් 187.5ක වර්ෂාපතනයක් ද වාර්තා වී තිබේ.

මේ අතර, බෙංගාල බොක්කේ බටහිර-මධ්‍යම ප්‍රදේශයේ ‘අර්නාබ්’ සුළි කුණාටුව වර්ධනය වෙමින් පවතින අතර, එය ශ්‍රී ලංකාවට වක්‍රාකාරව බලපානු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඒ අනුව, උතුරු, බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි අපේක්ෂා කරන බව සඳහන් වේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වර්ෂාපතනයත් සමඟ එළවළු මිල ගණන් ඉහළට

පවතින වර්ෂාපතනයත් සමඟ උඩරට සහ පහතරට එළවළු වර්ග කිහිපයක...

බොරතෙල් මිල යළිත් වාර්තාගත ලෙස ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වාර්තාගත ලෙස ඉහළ ගොස්...

රඹුක්කන – පේරාදෙණිය සහ ගම්පොල අතර සියලුම දුම්රිය ගමන් තාවකාලිකව නවතී

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රඹුක්කන සහ පේරාදෙණිය දුම්රිය...

අම්පාර දිස්ත්‍රික්කයේ ඇදවැටී සිටි වන අලියාට ප්‍රතිකාර

අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන...