ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
ඒ අනුව, මෙම වසරේ මැයි මාසයෙන් පසුව පළමුවරට බොරතෙල් මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.
මෙහිදී WTI බොරතෙල් බැරලයක මිල 1.55%කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 101.0ක් ලෙසය. එමෙන්ම Brent බොරතෙල් බැරලයක මිල 1.25%කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල ඇමෙරිකානු ඩොලර් 114.6ක් දක්වා වැඩි වී ඇත.
මීට අමතරව, Murban වර්ගයේ බොරතෙල් මිල ද 3.81%ක ඉහළ යාමක් පෙන්නුම් කරමින් ඇමෙරිකානු ඩොලර් 114.4ක් ලෙස සටහන්ව තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ මෙලෙස ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තා කර ඇත.



