අර්නාබ් සුළි කුණාටුවේ බලපෑමෙන් ඉන්දියාවට දැඩි හානි

Date:

බෙංගාල බොක්ක ආශ්‍රිතව හටගෙන ඉන්දියාව දෙසට ඇතුළු වූ ‘ඔර්නබ්’ සුළි කුණාටුවේ බලපෑමෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සුළි කුණාටුව හේතුවෙන් ආන්ද්‍රා ප්‍රදේෂ්, ඔඩිෂා සහ පොන්ඩිචේරි යන ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

නිල වාර්තාවන්ට අනුව ගම්මාන 1,097ක පවුල් 830කට අයත් පුද්ගලයින් 59,028 දෙනෙකු සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත්ව ඇත.

අධික සුළඟ සහ වර්ෂාපතනය හේතුවෙන් එම ප්‍රදේශවලට සිදුව ඇති සමස්ත දේපළ හා යටිතල පහසුකම් අලාභය ඉන්දීය රුපියල් කෝටි 4,600ක් පමණ වන බවට තහවුරු කර තිබේ.

මේ අතර ඊයේ (30) ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ඔඩිෂාහි ගන්ජම් සහ කන්ධමාල් මායිමේ පිහිටි භන්ජනගර් බලප්‍රදේශයට අයත් ගිඩිපබාලි නමැති කඳුකර ගම්මානයේ හදිසි නායයෑමක් සිදුව ඇත.

සමස්ත ජනගහනය 26 දෙනෙකුගෙන් යුත් මෙම කුඩා ගම්මානයේ පුද්ගලයින් 12 දෙනෙකු නායයෑමට හසුව අතුරුදහන් වී ඇති බව ප්‍රදේශයේ ආපදා කළමනාකරණ අංශ තහවුරු කරයි.

වර්ෂාව මධ්‍යයේම ප්‍රදේශවාසීන් 13 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබූ අතර, නායයෑම සිදුවන අවස්ථාවේ ගම්මානයේ රැඳී සිටි අනෙක් 13 දෙනා අතරින් එක් අයෙකු පමණක් බේරාගෙන සහන කඳවුරක් වෙත යොමු කිරීමට හැකිවී තිබේ.

අතුරුදහන්ව සිටින 12 දෙනා සොයා මුදාගැනීමේ මෙහෙයුම් වේගවත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ප්‍රකට Wendy’s අවන්හල් ජාලය ශ්‍රී ලංකාවට

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය (John Keells Group) ලෝක ප්‍රකට...

වනජීවී ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136ක් ස්ථිර රාජ්‍ය සේවයට බඳවාගනී

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136...

මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති...

රන් මිල සීග්‍ර ලෙස පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...