අයහපත් කාලගුණික තත්ත්වයන් ආරක්ෂා වීමට මෙරට ධීවර යාත්‍රා 25කට ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර

Date:

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට යළි පැමිණීමට නොහැකිව ඉන්දියාවට ආසන්න මුහුදු ප්‍රදේශයේ රැඳී සිටින මෙරට බහුදින ධීවර යාත්‍රා 25කට, පවතින අවදානම් තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර ලබා දී තිබේ.

ශ්‍රී ලංකා රජය විසින් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දීය රජයෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව මෙම අවසරය හිමිව ඇත.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති ඔර්නබ් සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ඉන්දියාවට ආසන්න මුහුදු ප්‍රදේශයේ තවදුරටත් රැඳී සිටින බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය විසින් මෙම පියවර ගෙන තිබේ.

එමෙන්ම, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස්වලට අනුව බලපෑමට ලක්වූ මුහුදු කලාපවලින් වහාම ඉවත්ව ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස ද එම යාත්‍රාවලට දැනුම් දී තිබේ.

මේ අතර, අදාළ මුහුදු ප්‍රදේශයේ රැඳී සිටින සියලුම යාත්‍රා හිමිකරුවන්ට පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී අනුගමනය කළ යුතු නිසි ක්‍රියාපටිපාටිය පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් දැනුම් දීමට පියවර ගෙන ඇත.

ඉදිරියේදී නිකුත් කෙරෙන කාලගුණ අනතුරු ඇඟවීම් සහ නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ද ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සමස්ත ධීවර ප්‍රජාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ප්‍රකට Wendy’s අවන්හල් ජාලය ශ්‍රී ලංකාවට

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය (John Keells Group) ලෝක ප්‍රකට...

වනජීවී ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136ක් ස්ථිර රාජ්‍ය සේවයට බඳවාගනී

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136...

මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති...

රන් මිල සීග්‍ර ලෙස පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...