කොළඹ වරායට රුපියල් කෝටි 3200 කට අධික ශුද්ධ ලාභයක්

Date:

කොළඹ වරාය මෙම වසරේ (2025) පළමු මාස 8 තුළ රුපියල් බිලියන 32.2 ක ක් හෙවත් රුපියල් කෝටි 3200 කට අධික ශුද්ධ ලාභයක් ලැබූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

කොළඹ වරාය 2024 වසරේ පළමු මාස 8 තුළ රුපියල් බිලියන 18.9 ක ශුද්ද ලාභයක් ලැබූ අතර 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ ශුද්ධ ලාභය වැඩි වීම බිලියන 13 ක් බවත් එය ප්‍රතිශතයක් ලෙස සියට 71 ක වර්ධනයක් බවත් එම අධිකාරිය කියයි.

මෙම වසරේ පළමු මාස 8 තුළ ඇස්තමේන්තුගත ලාභය රුපියල් බිලියන 21 ක් පමණ වන අතර ඇස්තමේන්තු ගත ඉලක්කය ඉක්මවා රුපියල් බිලියන 11 ක ලාභයක් ලබා ඇති බව කියන වරාය අධිකාරිය අඛණ්ඩ සංවර්ධන ව්‍යාපෘති සහ සේවාව කාර්යක්ෂම කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බහලුම් හැසිරවීම 2024 පළමු මාස 8 ට සාපේක්ෂව සියයට 6 පමණ වර්ධනයක් පෙන්නුම් කරන බව ද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...

වියළි කාලගුණය හේතුවෙන් දෙහි වගාවන්ට බලපෑම්

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන්...

අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීමේ නීතිය දැඩි වෙයි

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම...

දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්...