ලෝක ළමා දින ජාතික සතිය නම් කරයි

Date:

මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 01 දක්වා කාලය 2026 ලෝක ළමා දින ජාතික සතිය ලෙස නම් කර ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.

“මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන්න මෙවර ලෝක ළමා දින තේමාව ලෙස යොදාගෙන ඇති බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ලෝක ළමා දින සතිය හඳුන්වාදීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය හා ආරක්ෂාව ඇතුළු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිළිබඳ සමාජය දැනුවත් කිරීම මෙවර ළමා දින සැමරුමේ ප්‍රධාන අරමුණක් බව අමාත්‍යවරිය පැවසුවාය. ළමා අපචාර හා ළමා ශ්‍රමය වැනි සමාජ උවදුරුවලින් දරුවන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය සහ පවතින නීති බලාත්මක කිරීමේදී පවතින ප්‍රමාදයන් ඉවත් කිරීම කෙරෙහිද අවධානය යොමු කරන බව ඇය සඳහන් කළාය.

එමෙන්ම දරුවන් අතර පවතින පෝෂණ ඌනතා සහ මන්දපෝෂණ තත්ත්වයන් පිටුදැකීම, දරුවන්ගේ නිර්මාණශීලීත්වය අගය කිරීම සහ ඔවුන්ට සතුටින් හා නිදහසේ ළමා කාලය ගත කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහිද මෙවර වැඩි අවධානයක් යොමු කරන බව අමාත්‍යවරිය පැවසුවාය.

ලෝක ළමා දින ජාතික සතිය යටතේ සැප්තැම්බර් 25 වනදා දරුවන් වෙනුවෙන් කෙටුම්පත් කර ඇති නව පනත් හා ජාතික ප්‍රතිපත්ති හඳුන්වාදීම, පවතින ප්‍රතිපත්ති සමාලෝචනය කිරීම සහ ප්‍රතිපත්තිමය බාධක ඉවත් කිරීමට කටයුතු කිරීම සිදුකෙරේ.

සැප්තැම්බර් 26 වනදා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ගේ කායික හා මානසික සුවතාව ප්‍රවර්ධනය සඳහා ක්‍රියාකාරකම් පැවැත්වීමටත්, 27 වනදා එම මධ්‍යස්ථානවලින් සමාජගත වන වයස අවුරුදු 18ට වැඩි තරුණයන් සඳහා වෘත්තීය පුහුණුව, රැකියා අවස්ථා සහ රැකියා වෙළෙඳපොළ හඳුන්වාදීමේ නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් නියමිතය.

“සවිමත් මනසක් – සුවපත් දිවියක්” යන තේමාව යටතේ සැප්තැම්බර් 28 වනදා දිස්ත්‍රික් මට්ටමින් දරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශන සහ කුසලතා ඇගයීම් පැවැත්වීමට නියමිත අතර, 29 වනදා ගුරුවරුන් සහ 30 වනදා දෙමාපියන් ඉලක්ක කරගනිමින් ධනාත්මකව දරුවන් හික්මවීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිතය.

මෙවර ලෝක ළමා දින ජාතික උත්සවය ඔක්තෝබර් 01 වනදා පෙරවරු 9.00ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මත්තේගොඩදී අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන තත්වය අද රාත්‍රියේදී ඉන්දියාවට

බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා මීගමුව දක්වා සහ,...

එකවරම ඩොලරය පහළ යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (23) දින නිකුත්...

රන් මිල පහළට

මෙරට රන් මිල ඊයේ දිනයට සාපේක්ෂව අද (22) දින...