ලබන වසරේ අයවැය නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 දක්වා

Date:

අයවැය පළමුවර කියවීම සැප්තැම්බර් 26 සහ අයවැය කථාව නොවැම්බර් 7

2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව/අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) 2025 නොවැම්බර් 7 වැනිදා සිදු කිරීමටත් අනතුරුව නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 දක්වා විවාදය පැවැත්වීමටත් ඊයේ (11) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී තිබේ.

මේ අනුව විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා සැප්තැම්බර් 26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මහලේකම්වරිය පැවසුවාය.

මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපතිවරයා විසින් 2025 නොවැම්බර් 7 වැනිදා විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව) සිදු කිරීමටත්, අනතුරුව නොවැම්බර් 8 සිට නොවැම්බර් 14 දක්වා දින 6ක් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත.

ඒ අනුව නොවැම්බර් 14 ප.ව 6.00ට දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.

ඉන්පසු නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 දක්වා දින 17ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමටත් දෙසැම්බර් 5 ප.ව 6.00 ට අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමටත් මෙහිදී එකඟත්වය පළ වී ඇත.

මෙම කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දින ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වේ. එසේම කාරක සභා අවස්ථාවේ විවාද කාලසීමාව තුළ පාර්ලිමේන්තුව සදුදා දිනවල පෙ.ව 9.30 ටත්, අන් සෑම දිනකම පෙ.ව 9.00 ට රැස්වීමටත් මෙහිදී තීරණය වී තිබේ.

ඒ අනුව මෙම කාලසීමාව තුළ සෑම දිනකම ස්ථාවර නියෝග 22(1) සිට (6) පරිදි වැඩකටයුතුවලට අමතරව වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5 කට සහ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න 1ක් සඳහා කාලය වෙන් කිරීමටත් මෙහිදී එකඟත්වය පළ වී ඇත. එසේම මෙම කාල සීමාව තුළ ප.ව 6.00 දක්වා අයවැය විවාදය පැවැත්වීමටත් ඡන්ද විමසීම් පැවැත්වෙන දිනයන් හැර අන් සෑම දිනකම ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා රජයට සහ විපක්ෂයට 50:50 අනුපාතය මත පදනම්ව සභාව කල්තබන අවස්ථාවේ යෝජනා විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය වූ බව මහලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...