රත්‍රං කිලෝ 4ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට

Date:

නාවික හමුදාව කල්පිටිය කලපුවේ අරිච්චල් මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රත්‍රං කිලෝ 4.454 සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (01දා) නාවික හමුදා භාරයට ගැනීමට ගැණින.

වයඹ නාවික විධානයට ලද තොරතුරකට අනුව, නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය කලපුවේ කළ සෝදිසි මෙහෙයුමේදි, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කෙරිණි.

එහිදි, එම ඩිංගි යාත්‍රාවේ ධීවර දැලක අමුණා තිබූ සැකකටයුතු ඊයම් බරු දහතුනක් නිරීක්‍ෂණය කර, සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවේදී, ඊයම් බරු ලෙස සූක්‍ෂම ලෙස සකස් කර සඟවා, නීති විරෝධි ලෙස ප්‍රවාහනය කිරීමට උත්සහ කල රත්‍රං තොගය සමඟ සැකකරුවන් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

සැකකරුවන්, රත්‍රං තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...