හෙට දවසේ ක්‍රිකට් තරු සොයන 15න් පහළ තරගාවලිය ඇරඹෙයි

Date:

ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට් ක්‍රීඩකයන් හඳුනා ගැනීම අරමුණු කරගත් වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ලීගය 19 වැනි වරටත් අද (26) ආරම්භ විය.

පන්දුවාර 50 තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙයට කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන කණ්ඩායම් පහ සහභාගී වේ. තරග දෙසැම්බර් 05 වැනිදා දක්වා කොළඹ ක්‍රීඩාංගණ හතරකදී පැවැත්වේ.

අවසන් පූර්ව තරග දෙසැම්බර් 03 වැනිදාත්, අවසන් මහා තරගය දෙසැම්බර් 05 වැනිදා කොළඹ MCA ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ක්‍රීඩක සංවර්ධන වැඩසටහන යටතේ සංවිධානය කෙරෙන මෙම තරගාවලියට Prima Group Sri Lanka (Ceylon Agro Industries) ආයතනය අඛණ්ඩව 19 වැනි වරටත් අනුග්‍රහය දක්වයි.

ගොනු ඡායාරූපයකි: Hasindu2008 / Wikimedia Commons / CC BY-SA 3.0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විජිත හේරත් නවදිල්ලියට: ඉන්දියන් සාගර රටවල ඇමතිවරු හෙට රැස්වෙති

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්...

දිස්ත්‍රික්ක හයකට නායයෑම් අනතුරු ඇඟවීම්: හෙට සවස 4 දක්වා වලංගුයි

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ,...

මාස දහයෙන් ඩොලර් බිලියන 15.28ක්: අපනයන ආදායම 6%කින් ඉහළට

2026 වසරේ මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත...

යහපත් ප්‍රතිචාරයක් නොමැති නිසා නොවැම්බර් 30 ගුරු – විදුහල්පතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක

අග්‍රාමාත්‍යවරිය සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී සිය ගැටලුවලට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම...