මාස දහයෙන් ඩොලර් බිලියන 15.28ක්: අපනයන ආදායම 6%කින් ඉහළට

Date:

2026 වසරේ මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 15.28ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

එය පසුගිය වසරේ එම කාලයේ වාර්තා වූ ඩොලර් බිලියන 14.41ට සාපේක්ෂව සියයට 6.03ක වර්ධනයකි.

භාණ්ඩ අපනයන ආදායම සියයට 5.72කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 12.01ක් වූ අතර, සේවා අපනයන ආදායම සියයට 7.20කින් වැඩි වී ඩොලර් බිලියන 3.27ක් විය. මේ ගණන් ශ්‍රී ලංකා රේගුවේ දත්ත සහ මැණික්, ස්වර්ණාභරණ හා ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන ගැන මණ්ඩලය කළ ඇස්තමේන්තු මත පදනම් වේ.

ඔක්තෝබර් මාසයේ පමණක් අපනයන ආදායම ඩොලර් බිලියන 1.62 ඉක්මවූ බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට දවසේ ක්‍රිකට් තරු සොයන 15න් පහළ තරගාවලිය ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට් ක්‍රීඩකයන් හඳුනා ගැනීම අරමුණු කරගත්...

විජිත හේරත් නවදිල්ලියට: ඉන්දියන් සාගර රටවල ඇමතිවරු හෙට රැස්වෙති

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්...

දිස්ත්‍රික්ක හයකට නායයෑම් අනතුරු ඇඟවීම්: හෙට සවස 4 දක්වා වලංගුයි

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ,...

යහපත් ප්‍රතිචාරයක් නොමැති නිසා නොවැම්බර් 30 ගුරු – විදුහල්පතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක

අග්‍රාමාත්‍යවරිය සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී සිය ගැටලුවලට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම...