2026 වසරේ පැවති 75 වැනි විශ්ව රූ රැජින (Miss Universe) තරගාවලියේ කිරුළ දිනා ගැනීමට පුවර්ටෝ රිකෝව නියෝජනය කළ ජෙනිෆර් බැරෙටෝ (Jennifer Barreto) සමත්ව තිබේ.
පුවර්ටෝ රිකෝවේ සැන් ජුවාන් නුවරදී ඊයේ (24) පැවති මෙම අවසන් මහා තරගය සඳහා රටවල් සහ ප්රදේශ 116ක තරගකාරියන් එක්ව සිටියහ. එහිදී පසුගිය වසරේ විශ්ව රූ රැජින වූ මෙක්සිකෝවේ ෆාතිමා බොෂ් (Fátima Bosch) අතින් නව කිරුළ ජෙනිෆර් බැරෙටෝ වෙත හිමිවිය. දියමන්ති 3,150කින් හැඩගැන්වුණු ‘The Radiance of Eternal Legacy’ නමැති සුවිශේෂී කිරුළ ඇයට පැළඳවීම සිදු කෙරිණි.
මෙවර විශ්ව රූ රැජින තරගාවලිය සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් 48 වැනි ශ්රී ලංකා විශ්ව රූ රැජින ලෙස නිම්හාරා සසින්දි සහභාගී වූවාය.



