නොරොච්චෝල විදුලි බලාගාරය හෙට සිට ජාතික පද්ධතියට එක් කරයි

Date:

නොරොච්චෝල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු හෙට සිට නැවත ආරම්භ කිරීමට හැකියාවක් පවතින බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO)පවසයි.

පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවයක් හේතුවෙන් පසුගිය සෙනසුරාදා දින මුළු දිවයිනටම විදුලිය ඇණ හිටීමක් සිදුවිය.

එලෙසම නොරොච්චෝල විදුලි බලාගාරයේ කටයුතු නතරවීම හේතුවෙන් ඊයේ සහ පෙරේදා යන දෙදින තුළ දිවයින පුරා බලපැවැත්වෙන පරිදි විදුලි කප්පාදුවක්ද සිදුවිය.

මෙය අද (21) දිනයේදීත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙයි.

කෙසේ නමුත් හෙට (22) දිනයේ සිට නොරොච්චෝල විදුලි බලාගාරය ජාතික පද්ධතියට එක් කිරීමට හැකියාවක් පවතින හෙයින් විදුලි කප්පාදුවකට අවශ්‍යතාවක් නොමැති බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාරගත වූ පිරිස ගැන හෙළිදරව්වක්

දඩ මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් රැදවියන් 1500කට ආසන්න...

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ පළාත් 7ක් සඳහා ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්...

තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමඟ කෙටි ආහාර මිලත් ඉහළට

ආනයනික තිරිඟු පිටි මිල රු 13කින් ඉහළ දැමීමත් සමඟ...

ඩොලරය ඉහළ යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත්...