ලෝක ළමා දිනය අදට (01) යෙදී තිබේ. “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන්න මෙවර ළමා දිනයේ තේමාව යි.
ලෝක ළමා දිනය නිමිත්තෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්යාංශය විසින් පසුගිය සැප්තැම්බර් මස 25 වන දින සිට ජාතික ළමා දින සතියක් ප්රකාශයට පත්කරනු ලැබීය.
ළමුන් වෙනුවෙන් අර්ථවත් වැඩසටහන් රැසක් එහිදි ක්රියාත්මක වූ අතර ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේදී අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්රධානත්වයෙන් එහි අවසන් වැඩසටහනක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
ළමුන්ගේ අනාගත ලෝකය රැකගැනීමට දෙමව්පියන් කැපවී කටයුතු කළ යුතු බව ලෝක ළමා දිනය වෙනුවෙන් අදහස් දක්වමින් ළමා හා කාන්තා කටයුතු අමාත්ය සාවිත්රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.



