ගුවන් යානයේ නියමුවන් දෙදෙනෙකුගේ ගැටුමකින් වෙන්නට ගිය මහා විනාශය

Date:

ඩුබායි සිට ටෙල් අවීව් බලා පියාසර කරමින් තිබූ ෆ්ලයිඩුබායි (Flydubai) ගුවන් යානයක්, එහි නියමුවන් දෙදෙනා අතර ඇති වූ අභ්‍යන්තර ආරවුලක් හේතුවෙන් හදිසියේම සෞදි අරාබිය දෙසට හරවා යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් යානය තුළ නියමුවන් අතර යම් “ප්‍රචණ්ඩකාරී සිදුවීමක්” සිදුව ඇති බව සඳහන් වන අතර, ගුවන් ගමන් නිරීක්ෂණ දත්තවලට අනුව අඩි 34,000ක උසින් පියාසර කරමින් තිබූ යානය විනාඩි දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත අඩි 17,400කින් වේගයෙන් පහළ බැස අඩි 16,600 දක්වා පැමිණ ඇත.

මෙම තත්ත්වයත් සමග ගුවන් යානයෙන් හදිසි ආපදා සංඥාවක් නිකුත් කර තිබේ. කෙසේ වෙතත්, මෙය ගුවන් යානා පැහැරගැනීමේ සිදුවීමක් නොවන බව තහවුරු කරන ඊශ්‍රායල බලධාරීන්, මෙය යානය තුළ සේවක මණ්ඩලය අතර ඇති වූ අභ්‍යන්තර ගැටලුවක් බව ප්‍රකාශ කර ඇත.

මෙම හදිසි සිදුවීමත් සමග ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා අතර විශේෂ ආරක්ෂක සාකච්ඡාවක්ද පවත්වා ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

එසේම හදිසි සංඥාව ලැබීමත් සමගම ඊශ්‍රායල ආරක්ෂක හමුදාවට අයත් (IDF) ප්‍රහාරක ගුවන් යානා කිහිපයක්ද ගුවන්ගත කළ බව IDF ප්‍රකාශකයෙකු CNN පුවත් සේවයට තහවුරු කර තිබේ.

අදාළ ගුවන් යානය ඉදිරි සුළු වේලාව ඇතුළත සෞදි අරාබියට ගොඩබෑමට නියමිත බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...