විදෙස්ගත ලාංකිකයන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මාස තුනක මෙරට රැඳී සිටීමේ සීමාවක්

Date:

රියැදුරු බලපත්‍ර ඉල්ලුම් කරන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට එම බලපත්‍ර ලබාගැනීමට නම් මෙරටට පැමිණ මාස තුනක කාලයක් අනිවාර්යයෙන්ම රැඳී සිටීමට සිදුවන බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු පැවසීය.

මෝටර් වාහන පනතට අනුව රියැදුරු බලපත්‍ර විභාගය සමත්වී මාස තුනක් යාමට පෙර කිසිදු ආකාරයකින් ප්‍රායෝගික පරික්ෂණයට අනුමැතිය දිය නොහැකි බවද මාස තුනකට පෙර ඉල්ලුම්කරු විදේශ ගතවන්නේ නම් ඔහුට වසර එකහමාරක් යාමට පෙර යළි මෙරටට පැමිණ ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දී රියැදුරු බලපත්‍රය ලබාගැනීමට සිදුවන බවද කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

රියැදුරු බලපත්‍රය ලබාගැනීමට විභාගයේ සිට මාස තුනක කාලයක් ලබාදී ඇත්තේ පුහුණුවීම් සඳහා බව කී කොමසාරිස් ජනරාල්වරයා ඔවුන් විභාගයට පෙනී සිටි දිනයේ සිට වසර එකහාමාරක් යනතුරුම පුහුණු බලපත්‍රය වලංගු බවද පැවසුවේය. නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඊයේ (09 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...

වියළි කාලගුණය හේතුවෙන් දෙහි වගාවන්ට බලපෑම්

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන්...

අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීමේ නීතිය දැඩි වෙයි

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම...

දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්...