Clean Sri Lanka කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණ කරයි

Date:

ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන්, හෙට (11) සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ මාස 10 ක් පුරා වසා තබන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, එම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වන තෙක්, පිටකොටුව, බෝධිරාජ මාවත, ගුණසිංහපුර සහ බැස්ටියන් මාවත යන ස්ථානවල සිට ශ්‍රී ලංගම බස් රථ ධාවනය වන බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි සඳහන් කළේ.

ඒකාබද්ධ කාලසටහන යටතේ ක්‍රියාත්මක වන බස් රථ ඇතුළු දුර ගමන් සේවා බස් රථ බැස්ටියන් මාවත බස් රථ ඩිපෝවේ සිට ධාවනය වන අතර, අනෙකුත් කෙටි දුර බස් රථ බෝධිරාජ මාවතේ සිට ධාවනය වීමට නියමිතයි.

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරන අතර, මෙම ව්‍යාපෘතිය සඳහා Clean Sri Lanka වැඩසටහන යටතේ රුපියල් මිලියන 540 කට ආසන්න මුදලක් වෙන් කර ඇති බවත්, වසරක් ඇතුළත මෙහි නිම කිරීමට අපේක්ෂා කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් මිල පහළට

මෙරට රන් මිල ඊයේ දිනයට සාපේක්ෂව අද (22) දින...

අයහපත් කාලගුණයෙන් පවුල් 450කට අධික පිරිසක් පීඩාවට

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට...

පාස්කුවේ නඩු තීන්දුව අදයි

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සහරාන් හෂිම් ප්‍රමුඛ...

පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා – ඉදිරි පැය 24 තුළ කාලගුණය අයහපත්

දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති...