ආණ්ඩුව මැතිවරණයේදී ලබාදුන් පොරොන්දු රකිනවා – ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි වේ

Date:

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත හරහා, ඔවුන්ගේ නිල නිවාස ඇතුළු වරප්‍රසාද කිහිපයක් අහෝසි වන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.ඒ අනුව, මෙම පනත හරහා නිල නිවාසය, වැන්දඹුවට හිමි විශ්‍රාම වැටුප, ලේකම් දීමනාව ආදිය අහෝසි වන බවත්, නමුත් ජනාධිපතිවරයාට හිමිවන විශ්‍රාම වැටුපට මේ හරහා කිසිවක් සිදු නොවන බවයි අද (10) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති වරප්‍රසාදයක් නිසා, ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන අවස්ථාවක ඒ ගැන සලකා බැලිය හැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.ජනතාවගේ බදු මුදල් හොරා කමින් ජීවත් විය හැකි යැයි සිතන පාලකයන් අතට මෙම පනත පත්වී තිබෙන විට, මෙය අවභාවිතා වූ බවත්, ඒ අනුව එය අහෝසි කරන බවත්, ආණ්ඩුව මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුව අනුව ක්‍රියා කරන බවත්, අද සිදු කරන්නේත් එවැන්නක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...