පාර්ලිමේන්තු කථානායකට එරෙහිව රංජිත් මද්දුම බණ්ඩාරගෙන් විශ්වාසභංගයක්

Date:

පාර්ලිමේන්තු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර අද (10) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ කථානායකවරයාගේ තීරණය ඉදිරිපත් කළ අවස්ථාවේදී මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මේ බව සඳහන් කරයි.

කෙසේ වෙතත් කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් කථානායකවරයා පරාජය කිරීමට විපක්ෂයට නොහැකි බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ,

“කථානායකවරයාගේ නියෝගය අනුව කිසිම ප්‍රශ්නයක් නෑ. අපි ඕනෑම වෙලාවක ආණ්ඩු පක්ෂය ලෙස වාද කරන්න ලෑස්තියි. ඔබතුමාට තර්ජනය කළා මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා.

ඔබතුමා මේකට අවසර දුන්නේ නැතිනම් ඔබතුමාට විරුද්ධව විශ්වාසභංගයක් ගේනවා කියලා. දැන් අපි අහන්නේ, ඔබතුමා පත්වෙලා තිබෙන්නේ පාර්ලිමේන්තුවේ නිසි ඡන්දයකින්. දැන් මේකද ප්‍රජාතන්ත්‍රවාදය.

ඔබතුමාව පරාජය කරන්න මෙයාලට බෑ. නමුත් ඒකද විපක්ෂ නායකවරයාගේ ස්ථාවරය. ඒ තර්ජනයද.? අපිට ප්‍රශ්නයක් නෑ. ඔබතුමන්ලා අරුණ ජයසේකර මහත්තයාට අදාළව පාර්ලිමේන්තුවේ නීති රීතිවලට ඕනෑම මෝෂන් එකක් ගේන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...