පෙළපොත් විසිදහසකට ආසන්න ප්‍රමාණයක සොරකමක්

Date:

පාසල්වල පළමු ශ්‍රේණියේ තුන්වැනි වාරයට අදාළව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව නිකුත් කළ සිසු ක්‍රියාකාරකම් පෙළපොත් විසිදහසකට ආසන්න ප්‍රමාණයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ එම දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලකට අනුව ය.

දෙපාර්තමේන්තුව මෙම පැමිණිල්ල කර ඇත්තේ රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා මෙම පොත් 19892ක තොගය බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත නියමිත පරිදි භාර නොදීම හේතුවෙනි. ගිවිසුම්ගතව ඇති ආයතනය වෙත මෙම පොත් තොගය ලොරියකින් ප්‍රවාහනය කිරීමට පසුගිය මැයි 4 වැනිදා අවසර ලබා දී තිබෙන බව පැමිණිල්ලේ සඳහන් වෙයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශනය කරන බව පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...