උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක්

Date:

වවුනියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම් “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, උණුසුම් කාලගුණ තත්ත්වය තුළ සෞඛ්‍ය අංශ වෙතින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසය.

ඒ අනුව, වැඩ බිම් තුළ සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතුයි, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතුයි.

නිවෙස් තුළ සිටින වැඩහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබද සැලකිලිමත් විය යුතුයි.

වාහන තුළ කුඩා ළමුන් වාහන තුළ තනියම රදවා නොයා යුතුයි.

එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු වේ. සෙවණ ඇති ස්ථානවල රැදී සිටිය යුතුයි. ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතුයි.

එමෙන්ම සුදු හෝ ලා පැහැති සැහැල්ල ඇදුම් භාවිතා කිරීම සුදුසු වේ.

පහත උණුසුම් කාලගුණ දර්ශකය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණ මගින් ලබාගත් වායුගෝලීය ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්ව අගයයන් යොදා ගනිමින් හෙට දිනය සදහා ගණනය කර ඇති දර්ශකයක් වන අතර, මෙය ශරීරයට දැනෙන තත්ත්වයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. (මෙය විය හැකි උපරිම වායුගෝලීය උෂ්ණත්වය නොවේ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...