යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය යටතේ මේ දක්වා වී අලෙවි මණ්ඩලය විසින් වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලදී ගෙන තිබේ.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) සමන් පාලිත බණ්ඩාර මහතා පැවසුවේ පසුගිය 13 වැනි දින සිට ආරම්භ කළ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සමග මෙම වී ප්‍රමාණය අලෙවි මණ්ඩලය විසින් මිලදී ගත් බවයි.
මින් වැඩිම වී අස්වනු ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයෙන් මිලදී ගත් වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3,148කි.
මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වී මෙට්‍රික් ටොන් 567ක්ද වව්නියාව දිස්ත්‍රික්කයෙන් වී මෙට්‍රික් ටොන් 620ක්, මිලදී ගෙන තිබේ.
එමෙන්ම ඉදිරියේදී වී අස්වනු නෙලන ප්‍රමාණයන් අනුව වී ගබඩා විවෘත කිරීමටද නියමිතය.
ඒ අනුව ගබඩා 148ක් දිවයින පුරා වී අස්වනු මිලදී ගැනීම සඳහා විවෘත කිරීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර ඇත.




