වස‍රේ පළමු චන්ද්‍රග්‍රහණය අද

Date:

මේ වසරේ මෙරටට දිස්වන පළමු චන්ද්‍රග්‍රහණය අද (3 වැනිදා) නිරීක්ෂණය කිරීමට හැකි බව නවීන තාක්ෂණ පිළිබද ආතර් සී. ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය සඳහන් කරයි.

මෙම චන්ද්‍රග්‍රහණය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් වුවත්, චන්ද්‍රයා ක්ෂිතිජයට පහළින් පිහිටන බැවින් මෙරටට එය අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස නිරීක්ෂණය වන බවත් ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

මෙහිදී චන්ද්‍රයා නැගෙනහිර ක්ෂිතිජයට ඉහළින් සවස 18.21 ට උදා වීමෙන් පසුව චන්ද්‍රයාගේ කොටසක් තවමත් පෘථිවියේ සෙවණැල්ලෙන් ආවරණය වී ඇති ආකාරය දැකගත හැක.

මෙම චන්ද්‍රග්‍රහණය පැහැදිලිව නිරීක්ෂණය කළ හැක්කේ වලාකුළු රහිත නැගෙනහිර ක්ෂිතිජය හොඳින් පෙනෙන ස්ථානයක සිට පමණක් බව ආතර් සී. ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...