ඉතිහාසයේ පළමුවරට රන් මිල ඩොලර් 5,000 ඉක්මවයි

Date:

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,024 ද ඉක්මවා මේ වන විට වාර්තා වන බවය.

මේ අතර විශේෂඥයින් මත පළ කරනුයේ රන් මිල තවත් ඉහළ යනු ඇති බවත් එය මෙම වසර අග වන විට ඩොලර් 5,500ද ඉක්මවා යනු ඇති බවත්ය.

එමෙන්ම මීට සමගාමීව අනෙකුත් ලෝහ වර්ගද මිල ඉහළ ගොස් ඇති අතර ඒ අනුව රිදී අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් තිබේ.

එමෙන්ම පැලේඩියම් අවුන්සයක මිල 0.17%කින් ඉහළ ගොස් ඇති අතර එය අමෙරිකානු ඩොලර් 2,000 ඉක්මවා ගොස් ඇතැයිද වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස රන් මිල ඉහළ යාමට බලපා ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීන්දු තීරණ බවය.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අමෙරිකාව විසින් යටත් කර ගැනීම, ග්‍රීන්ලන්තය සම්බන්ධව ට්‍රම්ප්ගේ ප්‍රකාශ, ආක්ටික් කලාපයේ අමෙරිකානු උපායමාර්ගික අවශ්‍යතා, මෙන්ම පසුගියදා කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 100%ක තීරුබදු පනවන බවට කළ අනතුරු ඇඟවීම යන කරුණු ද රන් මිල ඉහළ යාමට බලපා ඇතැයිද එම මාධ්‍ය වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...