ජීවිත 80ක් බේරාගත් ලංගම රියදුරු

Date:

තලවකැලේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ කඩවත ලංගම ඩිපෝවට අයත් බස් රථයේ හදිසියේ තිරිංග ක්‍රියා විරහිත විමෙන් බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි අධික බැවුමක් සහිත ප්‍රදේශයකදී ධාවනය වෙමින් තිබියදී බස් රථය පස් කන්දක ගැටිමට සලස්වා රියදුරුදු විසින් නතර කර ගැනීමට සමත් වී ඇති බව ගිනිගත්හේන පොලීසිය කියයි.

අද (26) දින අලුයම 5:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කඩවල මහ වංගුව ප්‍ර දේශයේ දීය.

ධාවනය වෙමින් තිබූ බස් රථය වංගුව ගැනිමට උත්සහ කිරිමත් සමග බස් රථය පාලනය කර ගැනීමට දෙවන ගියරයට ගියරය මාරු කළ බවත්, එම අවස්ථාවේ බස් රථයේ තිරිංග පද්ධතිය ක්‍රියා විරහිත විම නිසා අත්තිරිංගය භාවිතා කරමින් බස් රථය බෑවුම් සහිත ප්‍රදේශයේ පස් කන්දක ගැටීමට සලස්වා බස් රථය නතර කර ගත් බව එම බස් රථයේ රියදුරු වන මහේෂ් සුදර්ශන් (49) නම් තිදරු පියා කියා සිටියේය.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුල මගීන් 80 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර, එම මගීන්ව වෙනත් බස් රථයකින් පිටත් කර යැවීමට බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...