2025 සිදුවූ රිය අනතුරු වලින් 85%කට හේතුව මානසික කාරණා

Date:

පසුගිය වසරේදා (2025) සිදුවූ රිය අනතුරු වලින් සියයට අසූපහක්ම (85%) සිදුව ඇත්තේ මානසික කාරණා හේතුවෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් පැවසීය.

එසේම එම අනතුරු වලින් සියයට පහළොවක් (15%) වාහනවල යාන්ත්‍රික දෝෂ හේතුවෙන් සිදුව ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. විශේෂයෙන්ම අධික වේගය, රිය පැදවීමේදී පරතරයක් ඇතිව ධාවනය නොකිරීම, වමට හා දකුණට හැරවීමේදී නොඉවසිලිමත්ව ධාවනය ආදි කරුණුද අනතුරුවලට හේතු වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ මෙම වසරේදී (2026) රිය අනතුරු පාලනය කරගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදා තිබෙන බවත් රථවාහන රාජකාරියේ නිරත නිලධාරීන් 9000 ක ඇණියක් ඒ වෙනුවෙන් යොදවා ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.එසේම ප්‍රාදේශීය පොලිස් කොට්ඨාස 48 හිම කොට්ඨාස භාර නිලධාරීන් වෙත අධික වේගයෙන් රිය පදවන රියැදුරන් හඳුනාගැනීමේ වේග මාපක යන්ත්‍ර බෙදාහැර තිබෙන බවද බීමත් රියැදුරන් හඳුනාගන්නා පරීක්ෂණ කට්ටල ද පොලිස් ස්ථාන 608ටම බෙදාහැර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් අනාවරණය කළේය. තවද 2024 වසරේදී මාරක රිය අනතුරු 2287ක් සිදුව ඇති අතර ඉන් 2388දෙනකු මියගොස් තිබිණි. එසේම 2025 වසරේදී සිදුවූ රිය අනතුරු 2562කින් පුද්ගලයන් 2710 දෙනකු මියගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...